LPL තරඟාවලියේ colombo kings කණ්ඩායමට එරෙහිව පැවති අවසන් පූර්ව තරඟයෙන් කඩුලු 2ක තියුණු ජයක් ලබා ගැනීමට Galle gladiators කණ්ඩායම සමත් වුණා.ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් colombo kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9යක් දැවී ලබාගත්තේ ලකුණු 150ක් පමණි.එහෙදී Bell Drummond පන්දු 53කින් ලකුණුන් 70ක් රැස් කළා.ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක්ද ,දනංජය ලක්ෂාන් සහ නුවන් තුෂාර කඩුලු 2 බැගින්ද ලබා ගත්තා..ලකුණු151 ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය Galle gladiators කණ්ඩායමට අවසාන පන්දුවාරයට ලකුණු 15ක් අවශ්‍ය වුණා.එම පන්දුවාරය යැව්වේ ඉසුරු උදාන විසින්.කෙසේ නමුත් දනංජය ලක්ෂාන්ගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් Galle gladiators කණ්ඩායම අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබුවා.නොදැවී ලකුණු 31ක් ලබාගත් දනංජය ලක්ෂාන් තරඟයේ වීරයායි.