ධම්මික පැණියද? රාවණා පැණියද?

42

ධම්මික පැණියද?කොරෝනා පැණියද?

අපේ රටේ පළවෙනි කොරෝනා රෝගියා වාර්තා වෙන්නේ 2020 අවුරුද්දි මාර්තූ මාසෙදී.එදා ඉදන් පහුවුණු වසරම රටට උදා කලේ සෞභාග්‍යෙන් පිරි කල දසාවක්නම් නෙවේ.දිනෙන් දින ලංකාවේ කොරෝනා රෝගීන් වැඩි වුණා.නමුත් අපේ වීරෝධාර රට විරුවන්ගේ පිහිටින් අපිට කොරෝනා පළවෙනි රැල්ලෙන් නිදහස් වෙන්න පුළුවන් වුණා.ඒත් එක්කම ජූලි,අගෝස්තු මාසෙ වෙනකොට මගේ රට හිතුවාට වඩා හොඳ මට්ටමකින් යථා තත්වයකට පත් වුණා කිව්වොත් නිවරැදියි.

කොහොම වුණත් ඒත් එක්කම අපේ මිනිස්සුන්ට කලින් උවමනාවෙන්ම ක්‍රියාවට නංවපු සෞක්‍ය පුරුදු අමතක වුණා.ඒක ගැන වැරදි කිය කිය අපි එක එක්කෙනාට අපි ඇගිල්ල දික් කරන එකනම් වැරදියි.රටේ ඉහළම පුටුවල ඉන්න පාලකවරුන්ගේ ඉදලා මාධ්‍ය,ආයතන සහ බිම් මට්ටමේ ජනතාවගෙන් බොහොමයකට කොරෝනා වසංගතය ගැන අමතක වුණා.සමහර අයටනම් මතකෙ තිබ්බත් ඒ ගැන තැකීමක් කළේ නෑ.ඒකේ ඛේදනාත්මක ප්‍රතිඵලයක් විදියට මිනුවන්ගොඩින් කොරෝනා දෙවෙනි රැල්ලක් ආරම්භ වෙලා අද වෙන කොට මරණ දෙසීයකටත් අධික සංඛ්‍යාවක් රට පුරා වාර්තා වෙනවා.රෝගීන් හතලිස් දාහකටත් වැඩියි.ඒ වැඩි වෙන්නේ මිනිස් ජීවිත මිසක් ඉලක්කම් නෙවේ කියල ආයෙ ආයෙත් කියන්න කැමතියි.

ලෝකේ පුරා මේ මාරාන්තික වෛරසයට බේත් හොයන්න පටන් ගත්තේ මානුශීය සංහතියේ ඛේදානාත්මක ඉරණමට පිළියම් සොයමිනුයි.ෆයිස්ර් වැනි සමාගම් ඒ අතර තිබුණා.ඒත් මේ වෙනකොටත් ඒ සොයාගත් එන්නත් 100%සාර්ථක නැති බව කිව යුතුයි.

මේ අතරතුරේ අපේ ලංකාවේ
අභිමානවත් මිනිස්සුත් මේ වෛරසයට බේත් සොයමින් ඉන්න බව එක්වරම ජනමාධ්‍ය තුළින් ඉස්මතු වුණා.ධම්මික පැණිය ,රාවණා පැණිය ඒ අතරින් ප්‍රධානයි.ඒවගෙන් සමහරක් මේ වෛරසයට 100%ම සාර්ථක බවත් ඔප්පු වුණා.හෙළ වෙදකම ගැන ඒත් එක්කම අපේ මිනිස්සුත් වෙනදාට වඩා විශ්වාස කළා.ඒ අතරතුරේදී අනුරාධපුරේ ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී වුණු කාලි මෑණියන් සම්බන්ධ සිද්දියක් නිසා මේවා වලට හොඳ කිව්ව මිනිස්සුම මඩ ගහන්න පටන් ගත්තා.මේ බේත් වර්ග දැනට කරපු පරීක්ෂණවලට අනුව අති සාර්ථක බව අමතක වුණා.

ධම්මික මහතාව උදාහරණයකට ගත්තොත් ඔහු පවසන්නේ මෙම ඖෂධය නිෂ්පාදනය කර මුළු ලංකාවටම නොමිලේ බෙදා දීමට ඔහු සූදානම් බවයි.වෙනත් පුද්ගලයන්ද මේ වගේ ධනාත්මක ප්‍රකාශ සිදු කළා.

ඉතින් මිත්‍රවරුනි.මේ ඖෂධ සාර්ථක නම් අපි අරගල කළ යුත්තේ ඒ සඳහා නොවේද? සාර්ථක බවින් අඩුනම් මැදිහත්වීමකින් මේවා වැඩි දියුණු කරල සාර්ථක ඖෂධයක් කරලා අපේ මිනිස්සුන්ව බේරාගන්න එක නෙවේද?”මන් මෙ එන්නත ජනතාවට නොමිලේ බෙදා දෙනව” කියන වචන ටිකම වටින් නැද්ද?ෆයිසර් සමාගමේ එන්නතක් වුණත් දිනෙන් දින එකමුතුකමින් වැඩි දියුණු කිරීමයි සිදු වන්නේ….

ඒ ඒ පුද්ගලයන්ගේ පුද්ගලික මතවාද පස්සෙ ගොස් ඔවුන්ට මඩ ගගහ ඉන්නවද?.ඔවුන්ගේ එම මිනිස්සුන්ව බේරාගැනීමේ අංශු මාත්‍රයක හරි සිතුවිල්ලට පයින් ගහනවද?..නැත්නම් දේශීය වෙදකමට වචනෙකින් හරි ඔබේ සහයෝගය ලබාදෙනවද?තීර්ණය බුද්ධිමත් මිනිස්සුන්ගේ අතේ..

ලිව්වේ
-අසී-

Ceylon magazine




Leave a Reply

Your email address will not be published. Required fields are marked *