යුක්‍රේන සංචාරකයන් නිසා දේශීය සංචාරකයන්ට සීමා පැනවෙයි

57

රටේ යම්කිසි ආන්දෝලාත්මක තත්වයක් උද්ගත කරමින් මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයන් අද සහ හෙට මෙරට තවත් ස්ථාන රැසක සංචාරය කිරීමට නියමිතයි.මේ අනුව සීගිරිය සංචාරක කලාපයහි ස්ථාන රැසකටත්,පොළොන්නරුවෙහි ස්ථාන කිහිපියකටත් මේ සංචාරකයන් ගමන් කරනු ඇති.පොළොන්නරුව පරාක්‍රම මාළිගා සංකීර්ණය,දළඳා මළුව,ශිව දේවාලය අංක 02,රන්කොත් වෙහෙර,ලංකාතිලක වෙහෙර,කිරි වෙහෙර,ගල්විහාරය,තිවංක පිළිම ගෙය ,නෙළුම් පොකුණ වැනි ස්ථාන වල මෙම සංචාරකයන් පිරිස අද දිනයේ සංචාරය කිරීමට නියමිත නිසා එම ස්ථාන අද සවස් කාලයේ දේශීය සංචාරකයන්ට විවෘත නොවනු ඇති.එමෙන්ම හෙට දිනයේ පෙරවරුවේ සීගිරිය ආශ්‍රිත සංචාරක කලාපයන්ද දේශීය සංචාරකයන්ට විවෘත නොවෙන බවයි වාර්තා වෙන්නේ.ම්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *