කුරුණෑගල නගරයේ රජපිහිල්ල උද්‍යානයේ ශාක විනාශ කිරීමක් සම්බන්ධයෙන් ඊයේ දිනයේ වාර්තා වුණා.කිසියම් සංවර්ධන කටයුත්තක් සඳහා මෙම ගස් කපා දමා ඇති බවයි අදාළ පාර්ශව පවසන්නේ.කෙසේ නමුත් මේ පිළිබඳව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමු වී ඇති අතර ඒ සමබන්ධයෙන් හැකි ඉක්මනින් වාර්තාවක් ලබාදෙන ලෙස එතුමා මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලා තිබෙනවා.රටේ පවතින කොවිඩ් 19 තත්වය යම් යම් පුද්ගලයන්ට අවස්ථාවක් උදා කර දී ඇති බව එතුමා වැඩි දුරටත් සඳහන් කරනවා.