LATEST NEWS
Search

අද සිට දිල්ලිය සතියකට වැසේ.

40

අද රාත්‍රියේ සිට දිල්ලියට සතියක කාලයක් සඳහා ඇඳිරි නීතිය පැනවීමට ඉන්දියානු රජය තීරණය කල බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අද රාත්‍රී 10 සිට ලබන සඳුදා අලුයම 5 දක්වා දිල්ලිය අගුලු දමා ඇති බව නිවේදනය කර තිබේ. මෙයට හේතු වී ඇත්තේ නව කොරෝනා වෛරසය දිල්ලිය පුරා සිඝ්‍රයෙන් ව්‍යාප්ත වීමයි.

පසුගිය පැය 24 තුල දිල්ලි නගරයේ covid 19 රෝගීන් 23,500 ක් පමණ වාර්තා වී තිබේ. “කෝවිඩ් රෝගීන් අවම කිරීම සඳහා අවශ්‍ය වන අගුලු දැමීම අනුගමනය කරන ලෙස මම දිල්ලියේ වැසියන්ගෙන් ඉල්ලා සිටිමි. මේ කාලය තුළ අපි සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කරන්නෙමු” යැයි මහ ඇමතිවරයා මෙහිදී පැවසීය.

‘කුඩා අගුලු දැමීමේදී’ නගරයෙන් පිටව නොයන ලෙස අමාත්‍ය කෙජ්රිවාල් සංක්‍රමණික සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය. කෙසේ නමුත් ඛාන් මාකට්හි මත්පැන් හලෙන් පිටත විශාල පිරිසක් රැස්ව සිටින බව ඉන්දීය මාධ්‍ය තව දුරටත් ප්‍රකාශ කරයි.

ඒ අනුව දිල්ලි රජය අද (19) රාත්‍රී 10 සිට අප්‍රේල් 26 වනදා දක්වා සතියකට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *