LATEST NEWS
Search

ඉදිරි සති 4 අවදානම් – කුරුණෑගල ප්‍රදේශයේ ගම්මානයකට ද සංචරණ සීමා පැනවෙයි

55

කුරුණෑගල ප්‍රදේශයේ ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිත්තවැල්ගාය ප්‍රදේශයට සංචරණ සීමා පනවා ඇති බව වාර්තා වේ . තිත්තවැල්ගාය ප්‍රදේශයෙන් covid 19 ආසාදිතයින් 29 දෙනෙකු හමුවීමත් සමග එම ප්‍රදේශයට සංචරණ සිමා පැනවූ බවයි ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අප වෙත ප්‍රකාශ කර සිටියේ .

එම ප්‍රදේශයේ පවුල් 64 ක පුද්ගලයින් 267 දෙනෙකුට කොවිඩ් අසාදනය වී මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇතැයි ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ දී ජනතාව විසින් පනවා ඇති සෞඛ්‍ය උපදෙස් නිසියාකාරව අනුගමනය නොකිරීම හේතුවෙන් ඉදිරියේ දී කොවිඩ් -19 ආසාදිතයින්ගේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඉදිරි සති 04 ත් 6 ත් අතර කාලය තුළ මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර මහතා විසින් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් සඳහන් කර සිටියේ.

ජනතාවට ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙසද අනවශ්‍ය සංචරණයන් හැකිතාක් සිමා කරන ලෙසද ඒ මහතා වැඩි දුරටත් මහ ජනතාවගෙන් ඉල්ලා සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *