LATEST NEWS
Search

උසස්පෙල ඔක්තෝබර් මාසයට කල් යයි – අගෝස්තු නිවාඩුව කෙටිවෙයි

36

මෙවර දෙවැනි වාරයේ පාසල් නිවාඩුව  සතියකට සීමා කර තිබේ. එයට හේතුව ලෙස අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසන්නේ විෂය මාලා ආවරණය කර ගැනීමට ඇති අවශ්‍යතාවය මත එම තීරණය ගත් බවයි.

මෙවර අපොස. උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 4 වන දින සිට ඔක්තෝබර් 30 වන දා දක්වා පැවැත්වීමට මීට පෙර තීරණය කල අතර, ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 3 වන ඉරිදා දින පැවැත්වෙන බව මේ අනුව දැනුම් දී තිබේ . එසේම සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ ජනවාරි අවසන් සතියේදී පැවැත්වෙන බවද දන්වා තිබේ.

එවැනි පසුබිමක් තුළ ළමුන්ට දීර්ඝ නිවාඩුවක් ලබා දිය නොහැකි බැවින් විභාග සඳහා පිළියෙල වීමට අවශ්‍ය කාලය ලබා දී ම අරමුණ කරගෙන අගෝස්තු පාසල් නිවාඩුව කෙටි කළ බවත් අමාත්‍යවරයා  කියා සිටියේය. කෙසේ නමුත් අමාත්‍යවරයා විසින් 2020 වර්ෂයේ පැවති උසස් පෙළ ප්‍රතිපල නිකුත් කරන දිනයක් පිළිබඳව තවමත් දැනුම් දී නොමැත .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *