LATEST NEWS
Search

කැරොලයින් – චුලා අද අධිකරණය වෙත.

77

2020 ලෝක විවාහක රූ රැජන වූ කැරොලයින් ජූරිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පෙරවරුවේ පෙනී සිටින ලෙසට කුරුඳුවත්ත පොලිසිය දැනුම් දී තිබෙනවා.

මේ වන විට පොලිස් ඇප මත මුදාහැර සිටින කැරොලයින් ජූරිට සහ නිරූපණ ශිල්පිනියක වන චූලා පද්මේන්ද්‍රට ද අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මෙලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ

ශ්‍රී ලංකා විවාහක රූ රැජන කිරුළ දිනූ පුෂ්පිකා ද සිල්වා වෙත සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධී බියගැන්වීම සහ ඇයට සුළු තුවාල කිරීම යන ආන්දෝලනාත්මක කරුණු සහ චෝදනා යටතේ මෙලෙස කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර යන අය කුරුඳුවත්ත පොලිසිය විසින් ඉකුත් 08 වැනිදා අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදා හරිනු ලැබුවා.

මේ අනුව ඔවුන් දෙදෙනා අද උදැසන අධිකරණයේ පෙනී සිටිනු ඇති බවට වාර්තා වෙයි .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *