LATEST NEWS
Search

දිවයිනේ සියලු පාසල් වල දෙවන වාරය අද සිට ඇරඹේ .

41

දිවයිනේ පිහිටි සියලුම රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අද සිට ආරම්භ වනවා.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරන තුරු පැවති මාර්ගෝපදේශ යටතේ පාසල් වල දෙවන වාරයේ වැඩ කටයුතු ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව පන්හි කාමරයක උපරිම ලෙස සිසුන් 15 දෙනෙකු සිටිය යුතු අතර, සිසුන් 16-30 අතර පිරිසක් සිටි නම් කණ්ඩායම් දෙකක් ලෙස බෙදා සතියක් හැර සතියක් ලෙස අධ්‍යන කටයුතු සඳහා පාසලට ගෙන්විය යුතු වනවා.

30 කට වැඩි සිසුන් සංඛ්‍යාවක් සිටින පන්ති කාමර සඳහා සිසුන් කණ්ඩායම් තුනකට බෙදා සතියට එක් කණ්ඩායමක් ලෙස පාසලට කැඳවිය යුතු බව ද එම මාර්ගෝපදේශ වල සඳහන් වෙනවා .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *