LATEST NEWS
Search

මුරලිදරන් මහතා රෝහල්ගත කරයි.

51

ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් මුත්තයියා මුරලිදරන් මහතා හදිසි ශල්‍යකර්මයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කරයි.

IPL තරඟාවලියේ සන්රයිස් හයිද්‍රබාද් කණ්ඩායමේ දඟපන්දු පුහුණු කරු ලෙස ඔහු සේවය කරයි. මේ වනවිට ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් වන බව ඉන්දීය මාධ්‍ය තවදුරටත් වාර්තා කරනු ලබනවා.

ශ්‍රී ලංකාවේදී ද රෝගී තත්වය හේතුවෙන් ස්කෑන් පරීක්ෂණ සිදුකර ඇති බවත් චෙන්නායි හිදී විශේෂඥ උපදෙස් ද ලබාගත් බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇත. මේ වනවිට සුවය ලබමින් සිටින ඒ මහතා ඉදිරි දින කිහිපය තුල දී තම කණ්ඩායම ට එක්වීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *