LATEST NEWS
Search

අදත් වැසි සහිත කාලගුණයක්

46
අද දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ඔවුන් නිවේදනය කරනවා.

එහිදී මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 60 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ .

බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට හැකි අයුරින් කටයුතු කරන ලෙස ඔවුන් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *