LATEST NEWS
Search

අසත්‍ය අන්තර්ජාල ප්‍රකාශ වෙනුවෙන් සැකසෙන නව නීතිය

39

අන්තර්ජාලය මගින් අසත්‍ය සහ නොමග යවන සුලු ප්‍රකාශ ප්‍රචාරය වීම වළක්වාලීමට  අවශ්‍ය නීති සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අධිකරණ සහ ජනමාධ්‍ය අමාත්‍යවරුන් විසින් ඒකාබද්ධව ගෙනා යෝජනාවකටයි.

අන්තර්ජාලය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හරහා බරපතල තර්ජනයක් නිර්මාණය වන අතර එමගින් සමාජය බෙදීමකට ලක් වන අතර මෙම ගැටලුව විසඳීම සඳහා විවිධ රටවල් විසින් නීති පැනවීමට මේ වනවිටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි රජය සඳහන් කරන්නේ.

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් සිදුවන විවිධ හානිවලින් සමාජය ආරක්ෂා කිරීම උදෙසා නව නීතියක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය කරුණක් වන බවත් ඒ මගින් පුරවැසියන්ට හා සිවිල් සමාජයට නිවැරදි තොරතුරුවලට ප්‍රවේශවීමට අවස්ථාව ලබාදීමට මේ හරහා හැකි වන බවයි සඳහන් වන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *