LATEST NEWS
Search

ඉදිරි සති තුන තීරණාත්මකයි – යුද හමුදාපති පවසයි.

36

ඉදිරි සති තුනක කාලය තීරණාත්මක කාලසීමාවක් හේතුවෙන් අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු රටේ  විවිධ ප්‍රදේශවල සිට රැකියා ස්ථාන සඳහා පැමිණෙන සියලුම දෙනා මුඛ ආවරණ පැළඳීම ශරීර උෂ්ණත්වය පිලිබඳ සැලකිලිමත් වීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනයකරමින් කොවිඩ් වෛරසය පැතිරීම වලක්වා ගැනීම  වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකළ යුතුබව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටිනවා 

මේ  පිළිබඳව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ,

“විශේෂයෙන්ම පසුගිය සතිය පුරාවට ජනතාව ඒකරාශී වූ ස්ථානවල අපි දැක්කා බහුතරයක් සෞඛ්‍යාරක්ෂිතව හැසිරෙනවා. නමුත් එසේ නොවන සුළු පිරිසක් ඉන්න පුළුවන්. ඔබට මතක ඇති මෙරට දෙවැනි රැල්ලක් ආවේ ලංකාවේ එක් පුද්ගලයෙකුගෙන්. එය අනූදහසකට වැඩි ආසාදිතයින් පිරිසක් දක්වා ලංකාව පුරා වර්ධනය වුණා. එවැනි අත්දැකීමක් අපිට තියෙනවා. විශේෂයෙන්ම විදේශ රටවල කොවිඩ් ආසාදිතයින් ඉතා වැඩි අගයක් ගන්නා අවස්ථාවක තමයි අපි මේ රටකොවිඩ් වෛරසයෙන් ආරක්ෂාකරගෙන කොවිඩ් වෛරසය පාලනය කරගෙන කටයුතු කරන්නේ.

ඊයේ සියලුම දෙනා අලුත් අවුරුදු නිවාඩුවෙන් පස්සේ රැකී රක්ෂාවලට පිටත් වුණා. ඔවුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ඉදිරි සති දෙක තුන තීරණාත්මක කාලසීමාක් නිසා අනිවාර්යෙන්ම මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න කියන දේ. ඒ තුළින් යමෙක් නොදන්නා කමින් හෝ කොවිඩ් ආසාදිතයෙකු ආශ්‍රය කරලා තිබුණොත් තවත් විශාල පිරිසකට වෛරසය පැතිරී යාම වැළකෙනවා.

අලුත් අවුරුදු සමයේදී අපි විශාල වශයෙන් සීමාවන් පැනවීම සිදු කළේ නැහැ. යම් සීමාවන් පැනවීමක් සිදුකලේ එය අත්‍යවශ්‍යය කාරණයක් නිසා. ඒ සිමාවල් අභිබවා ගිහින් ඇතැමුන් ඒ නිදහස භුක්ති විඳින්න උත්සාහ කළා. මංගල සාදයන් ආදියට පනවා තිබෙන සීමාවන් තවමත් අපි ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. වශයෙනි

 රටක් ජනතාවක් වශයෙන් මතුවී ඇති ව්‍යසන තත්වය පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කල යුතු බව ඒ මහතා මෙහිදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *