LATEST NEWS
Search

ඊයේ දිනයේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව කුරුණෑගලින් වාර්තා වෙයි.

52

ඊයේ(19) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 309 දෙනා අතරින් වැඩිම පිරිසක්  වන 67 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ් 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

කොළඹින් 62 ක්, ගම්පහින් 51 ක්, කලුතරින් 17 ක් ලෙස ආසාදිතයන් ප්‍රමාණයක්  වාර්තා වී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

අම්පාර , කෑගල්ල , හා වව්නියාව දිස්ත්‍රික්වලින් ආසාදිතයන් එක් අයෙක් බැගින් ද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් දෙදෙනෙක්ද වාර්තා වී තිබෙනවා.

ගාල්ල හා මුලතිව් දිස්ත්‍රික්වලින් ආසාදිතයන් 03 දෙනෙකු බැගින් වාර්තා වී තිබෙනවා.

ත්‍රිකුණාමලයෙන් 04 දෙනෙකු, මොනරාගල 05 දෙනෙකු, නුවර 07 දෙනෙකු ,පුත්තලමේ 09 දෙනෙකු හා යාපනයේ 10 දෙනෙකු වශයෙන් ආසාදිතයන් හඳුනා ගෙන තිඛෙනවා.

එමෙන්ම විදෙස්ගතව සිටි පැමිණි ලාංකිකයන් 18 ක් ද ආසාදිතයන් ඒ අතරට අයත්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *