LATEST NEWS
Search

උසස් පෙළ ප්‍රතිඵල පිලිබඳ නිවේදනයක්.

39

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසාන සතිය වනවිට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. ඒ මහතා පවසන්නේ මේ වන විට ප්‍රතිඵල සමාලෝචනය කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවය.

මේ අතර, විශ්ව විද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ද නිකුත්කර ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සියලු විශ්ව විද්‍යාල වෙත ඊයේ (19) දිනයේ නිකුත් කළ බවය.විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදුකරන ආකාරය, නේවාසිකාගාර පවත්වාගෙන යන ආකාරය, විභාග, සම්මන්ත්‍රණ සහ ක්‍රීඩා කටයුතු සිදුකිරීම සඳහා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත්කර තිබේ.

දිවයින පුරා සියලු විශ්ව විද්‍යාල අප්‍රේල් 27 වන දින සිට විවෘත කිරීමට නියමිත වන අතර විශ්ව විද්‍යාල පරිශ්‍රයන්  විෂබීජ හරණය කොට අධ්‍යයන කටයුතු පවත්වා ගෙනයාමට සුදුසු  ආකාරය සම්බන්ධයෙන් සියලු විශ්ව විද්‍යාල වල  උපකුලපතිවරුන් දැනුවත් කර ඇති බව මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පාසල් කටයුතු පවත්වාගෙන යාමේදී ගැටලු මතුව ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ විෂය නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ගුරුවරුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *