LATEST NEWS
Search

දිල්හාර ලොකුහෙට්ටිගේ ට ක්‍රිකට් තහනමක් පැනවෙයි.

51

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන දිල්හාර ලොකුහෙට්ටිගේ ට එරෙහිව වසර 8ක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. අයි සී සී දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් එම තහනම පනවා තිබේ.ඒ අනුව එම කාලය තුළ ඔහුට ක්‍රිකට් සම්බන්ධ කිසිදු දෙයක් හා සම්බන්ධ වීම තහනම් ය.ඔහුට එරෙහි තහනම 2019 අප්‍රේල් 03 වනදා සිට බලපැවැත්වේ.

ලොකුහෙට්ගේ මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිදු තනතුරක් නොපවතින හෙයින් ඔහු මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සම්බාධකවලට මුහුණ දී නොමැත. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් සුදු බෝල ජාත්‍යන්තර තරග 11 කට ක්‍රීඩා කළ අතර කඩුලු 8 ක් දවාගනිමින් ලකුණු 101 ක් රැස් කළේය. ඔහුගේ අවසන් තරඟකාරී ක්‍රීඩාව වූයේ 2016 පෙබරවාරි මාසයේදී මුවර්ස් ක්‍රීඩා සමාජය සඳහා ලකුණු රැස්කිරීමය.

adstudio.cloud
adstudio.cloud



Leave a Reply

Your email address will not be published. Required fields are marked *