LATEST NEWS
Search

රිය අනතුරු වලින් පුද්ගලයින් 69 දෙනෙකු ජීවිතක්ෂයට

31

ගෙවී ගිය අප්‍රේල් 13 දින උදෑසන 6 සිට අද (20) උදෑසන 6 දක්වා දින 7ක කාලය තුළ රිය අනතුරු වලින් පුද්ගලයින් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව දිනකට රිය අනතුරු වලින් පුද්ගලයින් 10 දෙනෙකු පමණ මිය යන බවත් එය කණගාටුවට කරුණක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

එය පාලනය කළ යුතු තත්ත්වයක් බවත් රිය අනතුරු අවම කර ගැනීම සඳහා සහය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා සඳහන් කරනවා.

එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ මෙම මරණකරුවන් අතරින් 49% යතුරුපැදිකරුවන් සහ 20%ක් පමණ ත්‍රිරෝද රථ රියදුරන් බවයි.

බිමත්ව රිය පැදවීමෙන් වලකින ලෙසද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *