LATEST NEWS
Search

ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 3 පනීයි.

47

ඉන්දියාවේ කොරෝනා වයිරස තත්ත්වය දිනෙන් දින නරක අතට හැරෙමින් පවතින අතර බදාදා උදෑසන වාර්තාගත ලෙස නව ආසාදන ලක්ෂ 3 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 2,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

රට තුළ ජනතාව වසංගතයේ දෙවන රැල්ල සමඟ පොරබදමින් සිටින හෙයින්, සෞඛ්‍ය පද්ධතිය අඩපණ වී ඇති අතර, රට පුරා එන්නත් කිරීමේ වැඩසටහන කඩිනම් කිරීමට එන්නත් මධ්‍යස්ථාන පොළඹවා ඇත.

“මෙම දෙවන කොරෝනා රැල්ල කුණාටුවක් මෙන් පැමිණියේය” අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අඟහරුවාදා දිනයේ  ජාතිය අමතමින් පිළිගත්තේය.

මේ දක්වා කාලය තුළ එරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,924,806කි.

සමස්ත කොවිඩ් මරණ ගණන 184,672ක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *