LATEST NEWS
Search

දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි

43

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා .

මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.

එසේම බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *