LATEST NEWS
Search

මැයි දිනය තහනම් කරන්නේ සටකපට වුවමනාවකට… (Vedio)

49

මැයි දිනය තහනම් කරන්නේ සටකපට වුවමනාවකට…
අපි ආණ්ඩුවේ දේශපාලන වුවමනාවන්ට යටත් වෙන්නේ නැහැ… යනුවෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා වැඩි දුරටත් එම මාධ්‍ය සාකච්චාවේ දී මෙසේ පවසන ලදී.

“පසුගිය අවුරුදු සමයේ බොහෝ කඩ සාප්පුවලට විශාල ලෙස ජනතාව ගැවසුනා, ලක්ෂ ගණනක ජනතාවක් කතරගම ගියා. ජනාධිපතිවරයා මීටරයෙන් ඉඳිමින් ජනතාව අඟලට තලලා ගම සමග පිළිසඳර පවත්වනවා. ඒ අතර හිටිහැටියේ කෝවිඩ් අනතුරක් මතුකර මැයි දිනය තහනම් කරන්න උත්සාහ කරනවා. ඒක ආණ්ඩුවේ අර්බුද එළියට එන නිසා කරන තක්කඩි වැඩක් මිස කොවිඩ් තත්වය සැලකිල්ලට අරන් කරන දෙයක් නෙවෙයි. මෙතැන තිබෙන්නේ සෞඛ්‍යමය ප්‍රශ්නයක් නෙවෙයි. දේශපාලන ප්‍රශ්නයක් කියලා අපි හිතනවා. අද වෙනකොට ආණ්ඩුවේ සංවිධාන අතර ගැටුම් රාශියක් නිර්මාණය වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දිනය වෙනම පවත්වන බව ප්‍රකාශ කළා. තවත් කිහිපදෙනෙක් පොහොට්ටුවේ මැයි දින වේදිකාවට හූ කියයි කියලා නගින්න බයෙන් ඉන්නවා. මේවගේ විශාල අසමගියක් තිබීම ආණ්ඩවේ මැයි දිනයේදි ප්‍රකාශයට පත්වීමක් සිදුවෙනවා. තමන් තුළ තිබෙන අර්බුදයන් සමාජයට ඒම වළක්වා ගැනීම සඳහා හමුදාපතිවරයාත් කෝවිඩ් තත්වයත් උපයෝගීකර ගන්නා බවයි අප දකින්නේ. මැයි දිනය තහනම් කළ ඉතිහාසයක් අපේ රටේ තිබෙනවා. ඒ ඉතිහාසයේදීත් අපේ රටේ වැඩකරන ජනතාව මැයි දින පැවැත්වූවා. මැයි දිනය වැළැක්වීම සඳහා ආණ්ඩුව දරන ලද මේ සටකපට ක්‍රියාදාමයට අපි එකඟ නැහැ. අපි අනිවාර්යයෙන්ම මැයි දිනය පවත්වනවා.” යනුවෙනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *