LATEST NEWS
Search

සෞඛ්‍ය නීති බල්ලට දමා, අලුත් අවුරුද්දට නුවරඑළියේ විනෝද චාරිකා ගිය දිවුලපිටිය සහ වත්තල 44 කට කොවිඩ්

38

අලුත් අවුරුදු සමයේ බස් රථ මගින් විනෝද චාරිකා ගිය දිවුලපිටිය සහ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් 52 කට අද දින වන විට කොවිඩ් රෝගී වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න පවසනවා.

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 45 දෙනෙකු බස් රථයකින් නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවකට ගොස් ඇති අතර එයින් 38 දෙනෙකුටම මේ වන විට කොවිඩ් රෝගී වී ඇති බව තහවුරු වී තිබේ.

එසේම වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ද පසුගිය අලුත් අවුරුදු සමයේ බස් රථ මගින් විනෝද චාරිකාවකට සහභාගී වී ඇති අතර, ඒ පිරිස අතුරින් 14 දෙනෙකුද කොවිඩ් රෝගී වී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *