LATEST NEWS
Search

රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරෙකු අත්අඩංගුවට.

51

හිටපු අමාත්‍ය වරයෙකු සහ මුස්ලිම් පක්ෂ නායකයෙකු වන  රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ සොහොයුරෙකු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නැවතත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ,ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (24) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහන සමග එක්වෙමින් සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරයේ ඝාතයින්ට ආධාර අනුබලදීම සහ ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වීමේ චෝදනා හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඔවුන් මෙසේ  අත්අඩංගුවට ගනු ලැබුවා.

රිෂාඩ් බදියුඩීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ බෞද්ධාලෝක මාවත ඔහුගේ නිවසේදී බවත් රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේදී බවත් වාර්තා වනවා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සෘජු හා විද්‍යාත්මක, පර්යේෂණ සාක්ෂි මත අත්අඩංගුවට ගත් බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. මේ වන විට ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් පවතින බව සඳහන් .

රියාජ් බදියුදීන් මීට ප්‍රථම ද අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා තබා ගෙන සිට පසුව නිදහස් කරනු ලැබුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *