LATEST NEWS
Search

පන්නල නිවසක් තුළ සිදුවූ පිපිරීමකින් තරුණයින් දෙදෙනෙකුට තුවාල

49

රතිඤ්ඥා තුළ තිබූ වෙඩි බෙහෙත් ඉවත් කර ඒවා යකඩ බටයකට දමා විදුලි ග්‍රයින්ඩරයකින් බටය කැපීමට යාමේදී ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවසක පිපිරීමක් සිදුව තිබෙනවා.

මෙම පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ 22 හැවිරිදි සහ 27 හැවිරදි තරුණයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම අනතුරින් එක් තරුණයෙකුගේ අතට බරපතල තුවාල සිදුවී ඇති අතර මේ සම්බන්ධයෙන් ගොකරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *