LATEST NEWS
Search

මුහුණු ආවරණ නොදැමූ 19ක් අත්අඩංගුවට

47

මුහුණු ආවරණ නොපැළඳීම සහ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 19 දෙනෙකු ඊයේ (24) දිනය තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

තවද මොවුන්ගෙන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිබත්ගොඩ සහ පිළියන්දල ප්‍රදේශ වලින් බවද ඔහු ප්‍රකාශ කළා.

මුහුණු ආවරණ නොපැළඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරනවා.

2020 ඔක්තෝබර් 31වන දා සිට මේ දක්වා එලෙස සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළ පුද්ගලයින් 3470 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනතාවගේ සහයෝගය මත මෙම වසංගත තත්වය පාලනය කරගත හැකි වන බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *