LATEST NEWS
Search

සංචරණ සීමා පැනවීම අත්‍යවශ්‍යයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

35

පැතිරයන කොවිඩ් -19 වෛරසය පාලනය කිරීම සඳහා යම් හෝ සංචරණ සීමාවක් පැනවීම අත්‍යාවශ්‍ය වන  බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා පවසනවා.

වැඩිදුරටත් ඔහු පැවසුවේ කොවිඩ්-19 වෛරසය කිසිදු පක්ෂයක් විසින් දේශපාලනීකරණය නොකළ යුතු බවයි..

“රජය ගතයුතු වැඩපිළිවෙළ අතර සංචරණ සීමා කිරීමේ යම්කිසි වැඩපිළිවෙලක් අවශ්‍ය කර තිබෙන බව අපි දකිනවා. ඒ සංචරණ සීමා නීති හරහා සිදුකරනවා. ජනතාවටත් ආකල්ප වශයෙන් වෙනසක් කරගත යුතු වෙනවා. මේ ආකල්පවල වෙසක් සිදුනොවුනොත් මේ කෙතරම් නීති දැම්මත් අපට ගෝලීය වසංගතයක් පාලනය කිරීම සීමා සහිත වෙනවා. මේ මොහොත වනවිට පවතින රෝගී තත්ත්වය කළමනාකරණය කරගත හැකිව තිබෙනවා. හැබැයි මේ ඉදිරි දිනවලද‍ීත් සංචරණ සීමාවලින් එහාට ගිහිල්ලා විශේෂයෙන්ම ජනතාව තමන් හිතලා වගේම අනිත් පැත්තෙන් රජය හැටියට යම් ආකාරයක සංචරණ නියාමන පැනවීම තුළ, හැයාවක් ලැබෙනවා මේ රෝගය පැතිර යෑම වළක්වන්න. බොහොමයක් තැන්වල අපි දකිනවා දේශපාලන කොණයකින් දකින ආකාරයක් ගැන. විවිධ අය තමන්ට වාසිදායක වෙන ආකාරයට. ඒ කියන්නේ රෝග පාලනයවීමේ වාසිය එක් පිරිසක් ගන්න උත්සහ කරනවා. පාලනය නොවීමේ තත්ත්වය තව පිරිසක් දේශපාලනීය වාසි කරගන්න හදනවා. පක්ෂ විපක්ෂ වලට අපි ඉල්ලීමක් කරනවා මේක සෞඛ්‍ය අංශවලට ඔවුන්ගේ තීරණ මත කරගෙන යාමට ඉඩ දෙන්න.” වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සිය අදහස් දක්වමින් කියා සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *