LATEST NEWS
Search

අද රාත්‍රී 8 සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ.

38

අද රාත්‍රී 8 සිට ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව පොලිස් බල ප්‍රදේශයේ පොල්හේන, හිරලුගෙදර, කලුඅග්ගල යන ග්‍රාමසේවා වසම් කිහිපය  හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්න වත්ත සහ නැගෙනහිර ග්‍රාම සේවා වසම ද හුදකලා කරන බවයි යුදහමුදාපති වරයා නිවේදනය කළේ.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ පැළවත්ත, උතුර පැළවත්ත, නැගෙනහිර යන ග්‍රාම සේවා වසම් කිහිපයද  හුදකලා කෙරෙනු ඇති.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් වසමට අයත් පුම්පුහාර් ග්‍රාම නිලධාරී වසමද අද රාත්‍රී 8 සිට හුදකලා කරන බව යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩි දුරටත් සඳහන් කළා.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයද අද රාත්‍රී 8 සිට හුදකලා කරන බවයි යුද හමුදාපතිවරයා පවසා සිටියේ .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *