LATEST NEWS
Search

ඊයේ දිනයේ දී නිරෝධායන නීති කඩ කළ 177 දෙනෙක් අත්අඩංගුවට.

43

මුහුණු ආවරණ නොපැළඳීම සහ දුරස්ථ භාවය තබා නොගනිමින් නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 177 දෙනෙකු ඊයේ (25) දිනය තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අතරින් බස්නාහිර පළාතින් 134 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

ඒ අනුව 2020 ඔක්තෝබර් 31වන දා සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 3647 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *