LATEST NEWS
Search

පුතුගේ උපන්දිනයට ගුරුවරියකගෙන් මත්ද්‍රව්‍ය සාදයක් -ගුරුවරිය පුතුන් ඇතුලු 15ක් අත්අඩංගුවට.

41

තම පුතුගේ උපන්දිනයට මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ජාත්‍යන්තර පාසලක ඉගැන්වීම් සිදුකරන ගුරුවරියක්ව පුතුන් දෙදෙනා ඇතුලු තරුණ තරුණියන් 15 දෙනෙක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය 15g ක් සහ ගංජා 2450mg ක් සොයාගෙන තිබෙනවා.

තරුණ, තරුණියන් පිරිසක් එක්ව වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක මත්පැන් පානය කරන බවට පොලීසියට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර තිබෙන්නේ.

අත්අඩංගුවට පත් ගුරුවරියට වයස අවුරුදු 42 ක් වන අතර, ජාත්‍යන්තර පාසල්වල තරුණ තරුණියන් අවුරුදු 18 ත් 20 ත් යන වයස්වල පසුවන දෙහිවල සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *