LATEST NEWS
Search

කොවිඩ් දැයි සැක නම් ගෙදරදීම කළ හැකි පරීක්ෂණයක් !

36

කොවිඩ් වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මේ කාලය තුළ දැඩි සත්කාර ඒකක වල ද ඉඩ පහසුකම් අඩුවෙමින් යනබව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඳ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඒ අනුව පුද්ගලයින් කෙසේ හෝ දැඩිසත්කාර ඒකක වලට ඇතුලත් වීමට අවශ්‍ය නොවන පරිදි කොවිඩ් වෛරසය මුල් අවස්ථාවේ පාලනය කර ගැනීම අවශ්‍ය බව ඔහු පවසයි.

මේ සඳහා තමන්ට සිදුකරගත හැකි ස්වයං පරීක්ෂණ කිහිපයක් හඳුන්වාදෙන ඔහු පවසන්නේ එවන් තත්ත්වය ක් තුළ සැක සහිත අය රෝහල් ගතවීම කඩිනම් වීමෙන් ඔවුන්ට ඉක්මනින් රෝග පාලනයක් සිදුකලහැකි බවයි.

මුව ආවරණ පැළඳීම රෝග ව්‍යාප්තිය අවම කිරීමට අත්‍යවශ්‍ය කරුණකි. ඉන් ලැබෙන රැකවරණය ඉතා ඉහළ මට්ටමක පවතී

කාර්‍යාල වල හැකි තරම් වාතාශ්‍රය වැඩි කරගැනීම ඔස්සේ පවතින වෛරස ප්‍රභේදය පැතිරීම පාලනය කර ගතහැකි බවත් ඔහු පවසයි.

මේ තමන්ටම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කරගත හැකි පරීක්ෂණ කීපයකි.

01. ඔබ තරප්පු පෙළක් මීට පෙර මහන්සියකින් තොරව නැග ආ නමුත් දැන් ඊට පසු හතිය දැනේ නම්.


02. ඔබට හුස්ම අල්ලා හඬනගා 1-10 දක්වා වත් ගිණිය නොහැකි නම් හෝ
ඔබ හුස්ම අල්ලා හඬනගා 1 සිට 20 හෝ 40 වැනි සංඛ්‍යාවක් ගණනය කර ඉන් පසුව කෙටි දුරක් ඇවිදීම වැනි ක්‍රියාකාරකමකින් පසු එලෙස යළි ගණනය කිරීම 1-10 ට අඩු නම්


03. වචන කීපයක් කතා කරද්දී ඔබට මහන්සිය දැනේ නම්


ඔබ කොවිඩ් පරීක්ෂණ හෝ වෛද්‍ය උපදෙස් වලට යොමුවිය යුතු බව එම වෛද්‍යවරයා ගේ උපදෙසයි.

මීට අමතරව සාමාන්‍ය කොවිඩ් රෝග ලක්ෂණ කෙරෙහිද අවධානයට ගන්නා ලෙස ඔහු පවසයි.

ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවීම රටේ ම කොවිඩ් පාලනයට ඉතා වැදගත් ක්‍රියාමාර්ගයකි.

මෙම නව වෛරසය ප්‍රභේදය රෝග ලක්ෂණ නොපෙන්වා පෙනහළු ආසාදනය කරන බැවින් මෙම ස්වයං පරීක්ෂණ ඔස්සේ එම තත්ත්වය වටහා ගැනීමට රුකුලක් වනබව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ අදහසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *