LATEST NEWS
Search

වැල්ලවාය අධ්‍යාපන කලාපයේ පාසල් 30 වනදා දක්වා වැසේ

35

වැල්ලවායෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමග වැල්ලවාය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් 30 වැනිදා දක්වා වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පසුගිය දා සිදු කල PCR පරීක්ෂණ වාර්තා 107 ක් අතුරින් PCR පරීක්ෂණ 53 ක  වාර්තා ඊයේ (27) පස්වරුවේ දී සෞඛ්‍ය අංශ වෙත ලැබී තිබුණා.

එම වාර්තා 53 න් පුද්ගලයන් 46 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඊට අමතරව වැල්ලවාය අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් 5 දෙනෙකු ද මේ වන විට කොවිඩ් ආසාදිත වී ඇති බව අනාවරණය වී තිබීම නිසා වැල්ලවාය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් මේ මස 30 දක්වා වසා තැබීමට ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරීන් කටයුතු කර තිබෙනවා.

එම නිසා අද උදෑසන ප්‍රදේශයේ පාසල් අවට ජන ශුන්‍යය ස්වාභාවයක් ගත් අතර නගරයට පැමිනෙන ජනතාවගේ ද අඩුවක් දක්නට ලැබී තිබේ .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *