LATEST NEWS
Search

ජනපති සහ චීන ආරක්ෂක ඇමති අතර ඵලදායී සාකච්ඡාවක්

30

අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් (Wei Fenghe) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව පැවැත්වුණා

ජනාධිපති කාර්යාලයේදී චීන ආරක්ෂක අමාත්‍යවරයාව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබුවා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී වුනු බවත් ,දෙරට අතර පවතින සබඳතා මෙම සංචාරයෙන් පසු තවත් ශක්තිමත් වූ බවත් චීන ආරක්ෂක අමාත්‍යවරයා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *