LATEST NEWS
Search

මහජන පැමිණිළි සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නව දුරකතන අංක

30

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කර ඇති සුරාබදු මෙහෙයුම් මැදිරිය වෙත 1913 දරණ දුරකථන අංකයට ලබා දෙන පැමිණිලි 2021.05. 03 දින දක්වා පහත සඳහන් දුරකථන අංක වෙත යොමු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා

පවතින කොවිඩ් – 19 වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂක පියවරයන් අනුගමනය කිරීමට සිදුවීම හේතුවෙන් මෙසේ කිරීමට  සිදුව ඇති බවයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ.

ඒ අනුව මෙම කාලසීමාව තුළ සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය වෙනුවට පහත සඳහන් දුරකථන අංක වෙත යොමු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබෙනවා.

071 – 81 22 333 / 071 – 440 92 88 / 072 – 208 75 84 / 071 – 702 61 58

071 – 634 52 91 / 071 – 310 850 7 / 075 – 23 27 483 – ( සිංහල මාධ්‍ය )

071 – 79 54 729 ( දෙමල මාධ්‍ය )




Leave a Reply

Your email address will not be published. Required fields are marked *