LATEST NEWS
Search

යාපනය කෝවිලක පාලක සභාවේ සභාපති හා ලේකම් අත්අඩංගුවට.

35

සෞඛ්‍ය නීති අනුගමනය නොකරමින් යාපනය වණ්ණාර්පන්නෙයි ශ්‍රී කමාච්චි අම්බාල් කෝවිලේ තේර් උත්සවය පැවැත්වීමට කටයුතු කළ කෝවිල් පාලක සභාවේ සභාපතිවරයා හා ලේකම්වරයා ඊයේ (27) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ සැකකරුවන් විසින් සෞඛ්‍ය අංශ නිකුත් කළ මාර්ගෝපදේශ අනුව කටයුතු නොකරමින් ජනතාව විශාල පිරිසක් එක්රැස් කොට කටයුතු කීරිම හේතුවෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බැව්ද පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගේ,කෝවිලේ පූජක කමිටුවේ,පූජාවේ වාද්‍ය කණ්ඩායමේ හා කෝවිල් පාලක සභාවේ සියලු දෙනා පි.සි.ආර්.පරීක්ෂාවන් වෙනුවෙන් යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හරහා කටයුතු කිරීමට නියමිත බවද පොලිසිය පැවසුවා.

අදාළ PCR වාර්තා මත ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *