LATEST NEWS
Search

රත්තොට අබිරහස් ඝාතනයේ සුළමුල

36

මාතලේ රත්තොට දොඹගොඩ ප්‍රදේශයේ කැළයක තිබී පිළිස්සූ සිරුරක බෙල්ලක් සහ තවත් කොටස් කිහිපයක් හමුවී ඇති බව මිට පෙර අප  පැවසුවා . මෙය කාන්තාවකගේද පිරිමියෙකුගේද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක වන බවයි අප වාර්තා කළේ මේ වනවිට එ සම්බන්ධ තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා .

තලංගම තලාහේන ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයකු ඝාතනය කර මාතලේ රත්තොට කැළයකදී පුලුස්සා දමන ලදැයි කියන සිද්ධියට අදාළ සැකකරුවකු තලංගම පොලීසිය ඊයේ (28) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහුට සහාය දුන් බව කියන පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතතය වූ ව්‍යපාරිකයාගේ මිත්‍රයකු වන ප්‍රධාන සැකකරු ඔහුගේ හිස පිහියකින් කැපූ බව අත්අඩංගුවට අත් අඩංගුවට පත් සැකකරු ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇති අතර මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ගේ පෙම්වතිය බව කියන පාර්ලිමේන්තුවේ ප්‍රධාන අංශයක සේවිකාවකගෙන් තලංගම පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද ආරංචි මාර්ග පවසනවා.

මාතලේ රත්තොට දොඹගොඩ ප්‍රදේශයේ තේ වත්තක තිබී පිලිස්සී ගිය මෘත ශරීරයක කොටස් මෙම අතුරුදන්වූ ව්‍යාපාරික කොළඹ තලාහේන මාළඹේ ප්‍රදේශයේ පදිංචිව සිටි රාජපක්ෂ මුදියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ නමැත්තාගේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *