LATEST NEWS
Search

විශ්වවිද්‍යාල විවෘත කරන දිනය ප්‍රකාශ කෙරේ

33

මැයි මස 10 වැනිදා වන විට විශ්වවිද්‍යාල විවෘත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ සැප්තැම්බර් මාසයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට හැකියාව අපේ දරුවන්ට ලැබෙන බවයි

ලොව පුරා කොවිඩ් වසංගතය පවතින මෙවැනි අවස්ථාවක මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට අපිට හැකියාව ලැබීම පිළිබඳ සතුටට කරුණක්

රට පුරාම මැයි 10 විශ්වවිද්‍යාල විවෘත කිරීමට බලාපොරොත්තු වන අතර එතෙක් මාර්ගගත ක්‍රමවලින් දේශන පැවැත්වීම සිදුකරන බවත් සඳහන් කර සිටිනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *