LATEST NEWS
Search

හැමෝම කකුලෙන් අදින කොට මට උදව් කරේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා – සජිත් පවසයි.

32

“මම මෙතෙක්කල් දේශපාලනය කළේ විවිධ ප්‍රශ්න මැද්දේ. මට වැඩක් කරන්න දුන්නේ නෑ. මගේ කකුලෙන් ඇද්දා. මට අවහිර කළා. මං පැහැදිලිවම එක දෙයක් කියන්න ඕනේ. ඔය මොන ප්‍රශ්න තිබුණත් මට ජනතාවට වැඩ කරන්න උදව් කරපු එක මනුස්සයෙක් හිටියා. ඒ තමයි හිටපු ජනාධිපතිතුමා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි මට පුළුවන් තරම් හයිය දුන්නේ”

යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


තමාගේ ගමනට බාධා කරන පුද්ගලයින් ඇත්නම් පක්ෂයෙන් ඉවත්වන ලෙස කී විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ අතීතයේ මෙන් තමන්ගේ වැඩවලට බාධා කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බවය.


හම්බන්තොට කිරින්ද ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.


“මම මෙතෙක්කල් දේශපාලනය කළේ විවිධ ප්‍රශ්න මැද්දේ. මට වැඩක් කරන්න දුන්නේ නෑ. මගේ කකුලෙන් ඇ ද්දා. මට අවහිර කළා. මං පැහැදිලිවම එක දෙයක් කියන්න ඕනේ. ඔය මොන ප්‍රශ්න තිබුණත් මට ජනතාවට වැඩ කරන්න උදව් කරපු එක මනුස්සයෙක් හිටියා. ඒ තමයි හිටපු ජනාධිපතිතුමා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි මට පුළුවන් තරම් හයිය දුන්නේ. දැන් මගේ පක්ෂය ඇතුළත කාටවත් බෑ මගේ කකුලෙන් අ දින්න. එහෙම ඉඩ දෙන්නෙත් නෑ. එහෙම කකුලෙන් අ දින කට්ටියට පුළුවන් පිටතට ගිහිල්ලා තම තමන්ගේ දේවල් ටික කරගන්න.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *