LATEST NEWS
Search

“Good Morning” නොකීවාට සිසුවියට පහර දීලා.

33

පන්තිබාර ගුරුතුමියට ගුඩ් මෝනින් කියා සුබ නොපැතූ බව පවසමින් නමය වසරේ පාසල් සිසුවියකට තල් පිත්තකින් පහර දුන් බව කියන එම පාසලේ විදුහල්පතිවරයා සහ පන්තිබාර ගුරුවරිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කයිට්ස් මුලස්ථාන පොලිසිය පවසනවා.

පහරකෑමට ලක්වූ සිසුවිය යාපනය මහ රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

උදෑසන පන්ති කාමරයට ගිය අවස්ථාවේ ගුරුතුමියට ගුඩ් මෝනින් කියා සුබ පැතීම සිදු නොකිරීම හේතුවෙන් ගුරුතුමිය තමන්ට පහර දුන් බව අදාළ සිසුවිය ඇයගේ දෙමාපියන්ට දැනුම් දී තිබුණා.

අනතුරුව දෙමව්පියන් විසින් ඒ සම්බන්ධයෙන් විදිහල්පතිවරයාට පැමිණිලි කළ බවත්, පසු දින සිසුවිය පාසලට පැමිණි අවස්ථාවේ විදුහල්පතිවරයා අදාළ සිසුවිය සිය නිල කාමරයට කැඳවා පන්තිබාර ගුරුතුමිය පහර දුන් බවට දෙමාපියන්ට පැවසුවේ ඇයි දැයි විමසමින් තල් පිත්තකින් පහර දුන් බවටයි වාර්තා වන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *