LATEST NEWS
Search

අද සිට බස්නාහිර පළාතේ ස්ථාන 12 ක විශේෂ මෙහෙයුම්

29

කොවිඩ් රෝගය පළාත් අතර පැතිරීම වැළැක්වීම සඳහා අද දහවල් 12 සිට බස්නාහිර පළාතේ තෝරා ගත් ස්ථාන 12ක පොලිසිය, සෞඛ්‍ය අංශ හා ත්‍රිවිධ හමුදාව එක්ව බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන වාහන විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා  පවසනවා.

එම ස්ථාන වන්නේ කොච්චිකඩේ තෝප්පුව පාලම, කොටදෙණියාවේ බඩල්ගම පාලම, නිට්ටඹුව හැලගල හන්දිය, මීරිගම ගිරිඋල්ල පාලම, දොම්පේ සමණබැද්ද පාලම, හංවැල්ල වනහගොඩ පාලම, අලුත්ගම බෙන්තර පාලම, තිනියාවල හන්දිය, ඉංගිරිය කැට කැදැල්ල පාලම, බදුරලිය සමන් දේවාලය අසල, මීගහතැන්න ගොරකා දුව අවිත්තාව පාලම, මෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමයි.

මෙම ස්ථානවල දී බස්නාහිර පළාතෙන් පිටව යන සහ බස්නාහිර පළාතට ඇතුළු වන පුද්ගලයින් අහඹු ලෙස තෝරා ගෙන ක්ෂණික ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමටත් නියමිතයි.

අද දින දහවල් 12.00 නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ පළාත් අතර කොවිඩ් රෝගීන් ගමන් ගන්නේ දැයි යන්න සොයා බැලීම සහ පළාත් අතර කොවිඩ් රෝග ව්‍යාප්තියේ පරිමාව සොයා බැලීමයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *