LATEST NEWS
Search

ඔක්සිජන් වෙනුවෙන් දුර දුටු IDH රෝහල කළ දේ

31

මේ දිනවල රටේ ව්‍යාප්තව ඇති නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට ඔක්සිජන් වැඩියෙන් අවශ්‍ය තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බව අංගොඩ බෝවන රෝග විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා සඳහන් කරනවා.

නව වෛරසයට අවුරුදු 30ත් 40ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන් ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් අංගොඩ බෝවන රෝග විද්‍යාතනයේ ද කොවිඩ් ආසාදනය වූ තරුණ පිරිසක් ප්‍රතිකාර ලබන බවත් ඒ මහතා සඳහන් කළා.

තමා මෙවැනි අවදානමක් කල් තියා දුටු හෙයින් ඔක්සිජන් සැලකිය යුතු ප්‍රමාණයක් ගබඩා කළ හැකි ටැංකියක් කොරෝනා මුල් රැල්ල අවස්ථාවේදී රෝහලේ ස්ථාපනය කළ බව කී අත්තනායක මහතා එය මේ වනවිට බොහෝ ප්‍රයෝජනවත් වී ඇති බව ද සඳහන් කළා.

එම ඔක්සිජන් ටැංකි රෝහලේ අනෙකුත් අංශ වලට ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවද අධ්‍යක්ෂකවරයා සඳහන් කරනවා.

අංගොඩ බෝවන රෝග විද්‍යාතනයේ රෝගීන් 145 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත්, ඉන් 8දෙනෙකු දැඩිසත්කාර ඒකකයේ පසුවන බවත් ඔහු සඳහන් කළා. රෝහලට ඇතුළත් කෙරෙන රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 40ක පමණ වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව එම රෝහලේ ප්‍රධානින් සඳහන් කරනවා.

මේ අතර කොවිඩ් 19 ආසාදනය වී ඉන්දියාවේ දිනකට මියයන ගණන 3000 ඉක්මවා තිබෙනවා

ගතවූ පැය 24 තුළදී මරණ 3,285වාර්තා වී ඇති අතර මේ වනවිට ඉන්දියාවේ කොවිඩ් 19 හේතුවෙන් ඇතිවූ සමස්ත මරණ ගණන 204,812ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම දෛනිකව වාර්තා වන ආසාදිතයින් ගණන ඉහළ යමින් පවතින අතර මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයින් 18,368,096ක් වාර්තා වී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *