LATEST NEWS
Search

කොවිඩ් තත්ත්වය හමුවේ විභාග දෙපාර්තමේන්තුවේ සේවාවන් ක්‍රියාත්මක වන ආකාරය

22

රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සේවාවන් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා .

රට තුළ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ මෙලෙස සේවාවන් ලබා දීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරන්නේ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන WWW.doenets.lk වෙත පිවිස ලබාගත හැකි බවයි

සේවාවන් කිහිපයක් ලබා ගැනීමට හැකියාවක් පවතින බවයි වැඩිදුරටත් ඔහු සඳහන් කරන්නේ

තොරතුරු විමසීම සඳහා දුරකථන අංක 0112 788 137 හෝ 0112 784 323 භාවිත කළ හැකියි

2001 හා ඉන්පසු වර්ෂවල අ.පො.ස (සා.පෙළ) හා (උ.පෙළ) විභාග සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ සහතික අයදුම්කිරීම සිදු කළ හැකියි

විද්‍යුත් තැපෑල මඟින් සහතික අයදුම් කිරීම කළ හැකි වන්නේ 2001ට පෙර වර්ෂවල අ.පො.ස (සා.පෙළ) හා (උ.පෙළ) විභාග සඳහා මෙන්ම ධර්මාචාර්ය, මුලික පිරිවෙන්, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) වැනි අනෙකුත් සහතික පත්‍ර විභාග සඳහායි

විද්‍යුත් තැපෑල මඟින් විභාග අංක ලබාගැනීමට අයදුම් කිරීම් කළ හැකි වන්නේ අ.පො.ස (සා.පෙළ) හා (උ.පෙළ) විභාග සඳහා පමණයි .

මේ අතර නාම සංශෝධන සඳහා අ.පො.ස (සා.පෙළ) හා (උ.පෙළ) යන විභාගයන් හි අකුරක හෝ අකුරු දෙකක දෝෂ සහිත නාම සංශෝධන සඳහා පහත විද්‍යුත් තැපෑල ලිපින ඔස්සේ අදාළ ඉල්ලීම් සිදුකළ හැකි බවත් සනත් පුජිත මහතා සඳහන් කරනවා

අවශ්‍ය වන ලියවිලි (Scan කරන ලද) වන්නේ

  • අයදුම්කරුගේ ඉල්ලීම් ලිපිය
  • උප්පැන්න සහතිකය
  • ජාතික හැඳුනුම්පතේ පිටපත
  • නම තහවුරු කිරීම සඳහා වෙනත් ලියවිලි

එමෙන්ම වැඩිදුර විස්තර ලබාගැනීම සඳහා දුරකථන අංක 0112 784 537 හෝ 0112 784 208 භාවිත කළ හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබෙනවා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *