LATEST NEWS
Search

සමිතා, චිරන්ත සහ කාවින්ධ්‍යා තුන්දෙනා එකතුවෙලා ටැටූ ගසයි

62

ඇය කලා ක්ශේත්‍රයේ ඉතාමත් ප්‍රසිද්ද චරිතයක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ පෙලේ ප්‍රවීන ගායන ශිල්පිනියක්. ඇය නමින් සමිතා මුදුන්කොටුව. ඇත්තෙන්ම සමිතා මුදුන්කොටුව කියන නම ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.ඒ තරමට ඇගේ සංගීතමය හැකියාවට,ඇගේ මියුරු ස්වරයට ප්‍රේක්ශකයා වසග වෙලා කිව්වොත් නිවැරදියි.


ඇය පිලිබදව පසුගිය කාලයේ ලංකාවේ ජනතාව අතර මෙන්ම සමාජ මාද්‍ය තුලද ඉතා වැඩි වශයෙන් කතාබහට ලක් වුනා. එයට නම් හේතුව වුනේ ඇය සහ ඇගේ සැමියා වන චිරන්ත අතර සිදු වූ විවාහයයි. ඔවුන් දෙදෙනාගේ වයස් පරතරය තරමක් වැඩි වීම එම විවාහය වැඩි වශයෙන් ජනතාව අතර කතාබහට ලක් වීමට හේතුව වුනා.


ඒ වගේම ඇය මුලින්ම විවාහ වී සිටියේ ලංකාවේ ප්‍රසිද්ද ගායකයෙකු වන අතුල අධිකාරී මහතා සමගයි. කෙසේ නමුත් කාලයත් සමග ඔවුන් එකිනෙකාගෙන් වෙන් වූවා. සමිතා මුදුන්කොටුව මහත්මිය මේ වන විට ඇගේ සැමියා වන චිරන්ත සමග ඉතා සතුටින් ජීවිතය ගතකරන ආකාරය ඔවුන් විසින් අන්තර්ජාලයට එක් කරනා ඡායාරූප හරහා ප්‍රේක්ශකයාට දැකබලාගන්න පුලුවන්.
ඒ වගේම සමිතා මුදුන්කොටුව මහත්මිය හා අතුල අධිකාරී මහත්මයාගේ දියනිය තමයි කාවින්ද්‍යා අධිකාරී කියන්නෙ.


ඒ වගේම අපිට ඇයව ඉතාමත් රූමත් රංගන ශිල්පිනියක් දක්ශ ගායන ශිල්පිනියක් වගේම ඉතාම ආකර්ශනීය නිවේදිකාවක් විදියටත් හදුන්වන්න පුලුවන්. ඇය ගැන තොරතුරු ටිකක් කියනවනම් 1996 වසරෙ ජුනි විසි වන දින උපතලබන ඇයට මේවන විට වයස අවුරුදු විසි හතරක් පමන වනවා. ඉතින් මේ වන විට කාවින්ද්‍යා ජීවත් වෙන්නෙ ඇගේ මව වන සමිතා මුදුන්කොටුවත් , ඇගේ සැමියා වන චිරන්ත හා ඇගේ සහෝදරයාත් සමගයි.


ඇයවත් ඇගේ රසිකයන්ට රූපවාහිනිය හරහා මෙන්ම බොහෝ විට සමාජ ජාලා වලට ඇය විසින් එකතු කරන ඡායාරූප හරහාද දැකබලාගත හැකියි. එමෙන්ම නව විලාසිතා වලට ඇලුම් කරන පවුලක් වශයෙන් සමිතා මුදුන්කොටුව, චිරන්ත හා කාවින්ද්‍යා මේ වන විට ශරීරයේ නොයෙකුත් තැන් වල ටැටූ විලාසිතාද යොදා තිබෙනවා.


ඉතින් ඒ විදියට ඒ තුන්දෙනා කරපු ටැටූ විලාසිතාවන් අපි අද ඔබ වෙත අරගෙන ආවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *