LATEST NEWS
Search

Rollls royce හි අග්‍රගන්‍ය සිත්තරා (mark Court)

27

චිත්‍ර ශිල්පය තමන්ගෙ වෘත්තීය කරගත්ත අය ඕන තරම් මේ ලෝකෙ ඉන්නව.
ඒ වගේම කට්ට කාල චිත්‍ර ඉගෙන ගෙන හොඳ තැනකට එන්න ගොඩක් අය වෙහෙසෙනව මොකද? චිත්‍ර කලාවෙන් විශාල මුදලක් උපයන්න පුලුවන් හින්දා . චිත්‍ර කලාවෙන් අපි නොහිතන ගොඩක් රැකියා තියෙන හින්දා
(ලංකාවේ නම් අම්මටසිරි වෙන්න වෙහෙසෙන්න ඕන art සයිඩ් එකෙන් රස්සාවක් හොයන්න වගේම මුදල් හොයන්නත්😁😁😁)

කොහොම හරි ඉතින් චිත්‍ර කිව්වම මේ විශය පතය තුල අපි අහලවත් නැති ගොඩක් පැති තියෙ. සාමාන්‍යයෙන් චිත්‍ර ගැන අපි දන්නෙ අතලොස්සක් වගෙ පොඩි දෙයයිනෙ.

ඉතින් මේ කියන්න යන්නෙත් අපි වැඩිය අහල නැති චිත්‍ර කලාවෙම එක් කොටසක් ගැන වගේම එයින් විශාල මුදලක් උපයන ශිල්පියෙක් ගැන.
ඇත්තටම කිව්වොත් ඒක ඔහුගෙ රස්සාව. ලෝකෙටම මේ වැඩේට දක්ශ වගේම එකම කෙනා ඔහු පමනක් කිව්වොත් හරි🙄( හැබැයි මේ වගෙ තව ශිල්පියො ඉන්නව මොහු දරම් දක්ශ නොවන)

මොහු mark court ( මාර්ක් කෝර්ට්) එංගලන්ත චිත්‍ර ශිල්පියෙක්. කාලෙකට කලින් විවිධ නිර්මාණ කරත් මොහුගේ දැන් රැකියාව coachline.
ඒ කිව්වෙ වාහන බඳ මත පින්තාරු කිරීම. සාමාන්‍යයෙන් coachline කිව්වෙ ඒක.
Coachline කියන එකෙත් පැති කිහිපයක් තියේ ඒකෙනුත් මාර්ක් ට අයිති වෙන්නෙ pin stripes කියන කලා ශෛලිය(රේකා මඟින් කරන රටාවන්)

මාර්ක් වැඩකරන්නෙ ලොව මිල අදිකම මෝටර් රථ සමාගමක් වන රොල්ස්-රොයිස් සමාගමෙ.

ඔහුගෙ රාජකාරිය තමයි මේ. රොල්ස්-‍රොයිස් කාර් මත නිදහස් අතින් සිහින් ඉරක් ඇඳීම😂.

ඉතින් මේක කරන්නෙ නිදහස් අතින් ඒ කිව්වෙ freehand.
සමහර වෙලාවට මේක එක් තනි ඉරක් වෙන්නත් පුලුවන් එහෙම නැත්නම් මේවගෙ මිල අදික වාහනයක් මිලදි ගන්න කෙනාගෙ කැමත්ත අනූවත් මේ රටාව හෝ රේකාව වෙනස් වෙනව. එක්කො කැටයම් යොදන්නත් පුලුවන් 🤷‍♂️

මේක කිව්වම හිතෙයි පට්ට ලේසි වැඩක්නෙ කියල😂
🤚
ඒත් ඒක එහෙම නෑ ඔහුගෙ අත පොඩ්ඩක් හරි එහෙ මෙහෙ වුනොත් ලොව මිල අඳිකම වාහනයක් අපතේ යනව.
ඔහු තමන්ගෙ පින්සලට ගන්න තින්ත ස්තරය රොල්ස් ‍රොයිස් වාහනය මත ඇති තින්ත ස්තරය හා ඉතා ඉක්මනින් ඇලීමකට ලක් වෙනව. ඒක හින්දා ඔය ගහන ඉර ඇදවුනොත් හබක් තමයි😂
පින්සලෙන් අඳින රේකාව මීටර් 6 ක් දිගයි. මොකද කාර් එකත් මීටර් 6 ක් දිගයිනෙ😁. ඉවසීම කොහොමද කියල හිතාගන්නකො 😉

මොහුගෙ පින්සල නිශ්පාදනය කරල තියෙන්නෙත් විශේශිත ගවයන්ගෙ හා ලේනුන්ගෙ ස්වභාවික කෙඳි වර්ගයකින්. Sable paint brush වගේ 😁

කෝමහරි ඔයාට හිතෙයි මැරීගෙන ඕක අතින් අඳින වෙලාවෙ යන්ත්‍රයක් මඟින් ඕක අඳින්න බැරිද කියල 😂එහෙම අඳින්න පුලුවන් වුනත් වටිනාකම රැඳී තියෙන්නෙ තාමත් hand made දේවල් වලට.
ඒක හින්දම තමා මේ රොල්ස් රොයිස් මෝටර් රථ මෙච්චර මිල අදික

මාර්ක් කෝර්ට්ගෙ වසරක වැටුප ඇමරිකානු ඩොලර් 59000$ කට ආසන්නයි. ඉතින් තව ටික කාලෙකින් ඔහුගෙ මේ රැකියාව අයිති වෙන්නෙ ඔහුගෙ පුතාට . දැනටමත් මාර්ක් ඔහුගෙ පුතාව මේකට සූදානම් කරමින් ඉන්නව කියල තමයි කියන්නෙ 😱

ඔහු මේ කරන වැඩේ කොච්චර අමාරුයිද කියල you tube වලින් බලාගන්න පුලුවන්. මේ පින්තුර ටිකත් බලන්නකෝ 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *