LATEST NEWS
Search

ඉක්මනින් රට Lockdown කරන්නැයි ඉල්ලීමක්

34

මේ වන විට විශාල වශයෙන් කොවිඩ් ආසාදිතයින් මෙරටින් හමුවන බවත් එම අනු පොකුරුවල මුලාශ්‍ර පවා සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති නිසා කඩිනමින් රට Lockdown කළ යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.

දැනට විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු වීමට පොරොත්තු ලේඛනයේ නිවෙස්වලට වී සිටින බව ඒ මහතා පෙන්වා දෙනවා .එනිසා කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

පළමු වරට දිනක් තුල මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1500 සීමාව ඉක්මවා වාර්තා වී තිබෙනවා. ඊයේ  දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,531ක්. මෙරටින් පිට පිට තෙවන දිනයටත් ආසාදිතයින් දහස ඉක්මවා වාර්තා වුවා.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 106,484ක් වන අතර රෝහල් ගතව සිටින සංඛ්‍යාව 10,378ක්. මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 95,445ක්.

අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතුරින් 40 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අයවලුන් වනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *