LATEST NEWS
Search

ජාතික වෙසක් උත්සවය පැවැත්වීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක්

31

ජාතික වෙසක් උත්සවය පැවැත්විය හැකි ආකාරය පිළිබදව කරුණු සාකච්ඡා කිරීමට විශේෂ රැස්වීමක් නාගදීප විහාරාධිපති හිමියන්ගේ හා යාපනය දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) දින නාගදීප රජමහා විහාරස්ථානයේදී පවත්වා තිබෙනවා.

රජය විසින් සියලුම උත්සව නතර කොට ඇති පරිසරයක ජාතික වෙසක් උත්සවය නාගදීපයේ පැවැත්විය හැකි ආකාරය ගැන මෙහිදී කරුණු සාකච්ඡා කොට තිබෙනවා.

යාපනය නාගදීප රජමහා විහාරාධිපති නවදගල පදුමකිත්ති නායකහිමියෝ සහ කනපතිපිල්ලේ මහේසන් දිසාපතිවරයා සදහන් කොට ඇත්තේ කොරෝනා වසංගතයේ යම් අඩුවීමක් දක්නට ලැබුණහොත් නාගදීපයේදී ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට හැකි වන අන්දමට දැනට කටයුතු සූදානම් කළ යුතු බවටයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *