LATEST NEWS
Search

අති දක්ෂ කොරියානු චිත්‍ර ශිල්පියා (photos)

28

An- Jung Hwan ( අන් ජන් හ්වන්) මොහු කොරියානු ජාතික සිත්තරෙක්. මොහුගේ සිතුවම් සඳහා පාදක වෙන්නෙ වනාන්තර ගස් , අතු ඉති.


ඉතින් මොහුගේ සිතුවම් දකින කෙනෙක් විශ්වාස කරන 1 ක් නම් නෑ මේව චිත්‍ර කියල. මොකද ඒ තරම් අදිතාත්වික සිතුවම් විදිහට මේ සිතුවම් දක්වන්න පුලුවන් . තෙල් සායම් තමයි මොහුගේ සිතුවම් මාද්‍ය වෙන්නෙ. ඒ වගේම තමයි විශාල කැන්වස් පුවරු මත තමයි මේ සිතුවම් නිර්මාණය කරන්නෙත්. මොකද එතකොට ඔහුට අවශ්‍ය වෙන සිතුවමේ සියුම් තොරතුරු නිවරදිව නිරවුල්ව දක්වන්න පුලුවන් වෙන නිසා

මොහු මේ අඳින ගස් ,අවට පරිසරය, ගස් කොලන් අතරින් පොලවට පතිත වන හිරු එලිය මේ හැම එකක්ම සජීවි ආකාරයෙන්ම දක්වන්න නම් මේ පිලිබඳ හොඳ දැනුමක් අවශ්‍ය වෙනව. ඉතින් මේ සඳහා අවශ්‍ය රූප රාමු ලබාගන්නෙත් ඔහු විසින්මයි.
ඔහු වනාන්තර වලට ගිහින් ශාක කඳන් වල ස්වභාවය , ශාක පත්‍ර අතරින් හිරු එලිය වැටෙන විදිය , හිරු එලිය ඔස්සෙ ශාක පත්‍ර වල වර්ණ වෙනස් වීම් මේ හැම දෙයක් ගැනම හොඳින් හොයල බලනව. ඊටපස්සෙ තමයි මේ විදිහට සිතුවමට නගන්නේ .
වර්ණ සංයෝජනයේදී පවා සියුම්ව කාලය වැයකරමින් ඒ නිවරදි දීප්තිමත් වර්ණ ලබාගන්නොහු ගොඩක් ලොකු වෙහෙසක් දරනව. ඒ හින්දම තමයි දැක්ක ගමන් සිතුවමක් කියල කියන්න බැරි 😍
මේ එක සිතුවමක් නිම කරන්න සති 3-5 අතර කාලයක් ගතවෙනව කියල තමයි කියන්නෙ .

මේ සිතුවම් රසවිඳින ඕනම කෙනෙක්ට සැබෑ වනාන්තරයක සිටින අත්දැකීම සිතට දැනෙන බව නම් කිව යුතුමයි. මේ තියෙන්නෙ An Jung Hwan ගේ සිතුවම් කිහිපයක් ඔයාට හිතාගන්න නම් බැරි වෙයි මේ සිතුවම් කියල




Leave a Reply

Your email address will not be published. Required fields are marked *