LATEST NEWS
Search

අසුපිටින් ඔලිම්පික් කඩුල්ල පනින ලංකාවේ කෙල්ල මැටිල්ඩා (photos)

25

ඕනෑම කී‍්‍රඩකයකුගේ එකම පැතුම ජීවිතයේ එක් වරක් හෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා සහභාගි වීමය. ඒත් ඒ වරම හිමිවන්නේ කී‍්‍රඩකයන්ගෙන් කීදෙනකුටද? ලොව පුරා කෝටි ගණනින් කී‍්‍රඩකයන් සෑම උදෑසනකම අවදි වන්නේ ඔලිම්පික් සිහින දකිමින් වුවද මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට වරම් ලබන කී‍්‍රඩකයන් ගණන එකොළොස් දහසක් පමණි. ඒ මහඟු විරල භාග්‍යය උදාකර ගන්නට ශී‍්‍ර ලංකාවෙන් සමත් වූ පළමු පුද්ගලයා ලෙස මැටිල්ඩා කාල්සන් වාර්තා පොත් අතරට එකතු වන්නීය. සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, සුගත් තිලකරත්න වැනි නම් තරම් මැටිල්ඩා කාල්සන් නම අපට හුරු පුරුදු නැතිවා මෙන්ම ඇය ඔලිම්පික් වරම් ලබාගත් කී‍්‍රඩා ඉසව්වද අපට එතරම්ම නුහුරුය. තුරඟ හරඹ – බාධක පැන්නීම නම් තරගයෙන් මැටිල්ඩා කාල්සන් ඔලිම්පික් වරම් ලද පුවත ඔබ අප පුදුමයට පත්කරන කරුණක් වන්නේ එ නිසාය. එහෙත් ඇය අපේය. ශී‍්‍ර ලංකාවේ කන්ද උඩරට මහනුවර උපත ලද ඇය හැදී වැඩුණේ ජර්මනියේය. මහනුවර ඉපිද ජර්මනියේ හැදී වැඩුණු ඇය ශී‍්‍ර ලංකා ධජය යටතේ මෙවර ඔලිම්පික් උළෙලේ තුරඟ හරඹ බාධක පැන්නීමේ තරගයෙන් සිය හරඹ පෙන්වන්නීය. එය ශී‍්‍ර ලංකා මාතාවට ගෞරවයකි, ආඩම්බරයකි.

ජර්මනියේ හැදී වැඩුණු මේ ‘වස්තුව’ ශී‍්‍ර ලංකා ධජය යටතට පැමිණීමේ කතාවද අපූරුය. එහි කථානායකයා ශී‍්‍ර ලංකා තුරඟ තරග සම්මේලනයේ සභාපති සුරන්ජිත් පෙරේරා මහතාය. අප රට තුළ ඉපිද අප රටෙහිම හැදී වැඞී මේ පොළොවේම වයසට යන එහෙත් අවශ්‍ය ඇගැයීම නොලැබෙන කී‍්‍රඩා වස්තූන්ද ඕනෑ තරම් තිබියදී කිලෝමීටර් දහස් ගණනක් එපිට සිටියදී මැටිල්ඩා හමුවීම අරුමයක් නොවන්නේ කෙසේද? ඇය ඔලිම්පික් වරම් දිනනවා හා සමානම කතාවක් ඇයව අපට හමුවීම පිටුපසත් තිබිය හැක. සුරන්ජිත් පෙරේරා මහතා ඒ පිළිබඳව සිය හඬ මෙසේ අවදි කළේය.

අපේ රටේ තුරඟ හරඹ සඳහා අවශ්‍ය පහසුකම් නැහැ. කී‍්‍රඩාංගණ නැහැ. ඒ සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් ලබාදෙන බව ප‍්‍රකාශ කර තිබෙනවා. ඒත් එය තවම ස්ථිර නැහැ. මේ නිසා ඔලිම්පික් කෙසේ වෙතත් තුරඟ හරඹ පුහුණු කිරීමත් අපට විශාල ප‍්‍රශ්නයක්. මගේ යටතේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 1250 ක් පමණ ඉන්නවා. ඒත් අපට අශ්වයන් ඉන්නෙත් 200 ක් පමණ සංඛ්‍යාවක්. මේ වගේ ප‍්‍රායෝගික ප‍්‍රශ්න බොහෝයි.

මෙහෙම තත්ත්වයක් තුළ අපේ රටේ ඉපිද වෙනත් රටවල මේ කී‍්‍රඩාවට දක්‍ෂ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඉන්නවද කියලා අපි හොයලා බැලූවා. එහි ප‍්‍රතිඵලයක් මත මැටිල්ඩා ගැන තොරතුරු ලැබුණේ. ඒ වගේම තවත් තිදෙනකු ගැන තොරතුරු ආවා. ඉන් දෙදෙනකුට සහාය දෙන්න අපට නොහැකි වුණා.

ඇයි ඒ? ඔවුන්ට මේ තරග සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය තිබුණේ නැහැ. ඔවුන් මගෙන් මුදල් ඉල්ලූවා. ශී‍්‍ර ලංකාවෙන් තුරඟ හරඹ සඳහා මුදල් දෙන්න තරම් ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා මං ඔවුන්ට කිව්වා. අපේ රටේ සිටින කී‍්‍රඩකයන්ටවත් අවශ්‍ය පහසුකම් නැති තත්ත්වයක් තුළ ඒ අයට කවුද අනුග‍්‍රහය දක්වන්නේ. ඒත් මැටිල්ඩාට අවශ්‍ය මූල්‍ය ශක්තිය තිබුණා.

ඇය මොනවද ඔබෙන් ඉල්ලූවේ? මැටිල්ඩා සමග අපි අන්තර්ජාලයෙන් අදහස් හුවමාරු කරගත්තා. ඇයට ඕනැ වුණා ශී‍්‍ර ලංකා ධජය යටතේ ඔලම්පික් යන්න. මං ඇයට පොරොන්දු වුණා ඒ සඳහා සහාය දක්වන බවට. ඊට පසුව ඇය ලංකාවට පැමිණ ද්විත්ව පුරවැසිභාවය ලබා ගත්තා. අවශ්‍ය සියලූ කටයුතු සම්පාදනය කරගත්තා. මේ විදිහට තමයි ඇයට ඔලිම්පික් වරම් හිමි වුණේ.

මැටිල්ඩා කාල්සන් නම් එම කී‍්‍රඩිකාව අද ශී‍්‍ර ලංකාවට වටිනා සම්පතක් බවට පත් වී ඇත. මේ වනවිට 37 වැනි විය ආසන්නයේ සිටින මැටිල්ඩාගේ ඔලිම්පික් සිහිනය දැන් සඵල වී ඇත. එහෙත් කුමක්දෝ අහේතුවකට ඔලිම්පික් සඳහා නිර්දේශ වී තිබියදී ද ඇයගේ නම ඉන් ඉවත් කෙරිණි. ඒ 2020 වසරේදීය. එහිදී සිදුවූයේ මැටිල්ඩා අන්තර්ජාතික තුරඟ හරඹ කී‍්‍රඩා තරගාවලි කිහිපයකදී ඇය රැස්කළ ප‍්‍රසාද ලකුණු ඉවත් කිරීමට පසුව කටයුතු කිරීමයි. අන්තර්ජාතික තුරඟ කී‍්‍රඩා සම්මේලනය විසින් සිදු කරන ලද එම අසාධාරණ කි‍්‍රයාවට විරුද්ධව ශී‍්‍ර ලංකා තුරඟ සම්මේලනයත්, ජාතික ඔලිම්පික් කමිටුවත් ස්වීඩනයේ නඩු කීවේය. ඒ නඩුවෙන්ද අත්වූ ප‍්‍රතිඵලය වූයේ මැටිල්ඩාගේ ඔලිම්පික් ගමනට බාධා පැමිණීමය. තුරඟ හරඹ මගින් තුරඟයන් පිට සිට බාධක පැන ගිය මැටිල්ඩා ඉන් නොනැවතී අන්තර්ජාතික තුරඟ කී‍්‍රඩා සම්මේලනයට ඒ පිළිබඳව අභියාචනයක් ද ඉදිරිපත් කළාය. එයින්ද සාර්ථක ප‍්‍රතිඵල නෙළා ගැනීමට නොහැකි වූ ඔවුන් අවසානයේ නතර වූයේ ජිනීවා කී‍්‍රඩා බේරුම්කාර මණ්ඩලයේය. එයට ඉදිරිපත් කළ අභියාචනයෙන් මැටිල්ඩාට ජය අත්වූවාය.

ඊට පසුව නැවතත් මැටිල්ඩාට අභියෝගයක් විය. ඒ ඔලිම්පික් සඳහා අවශ්‍ය පරිසාධන මට්ටමට අවශ්‍ය කඩඉමක් සම්පූර්ණ කිරීමය. මැටිල්ඩා පසුගියදා එය ද ජය ගැනීමෙන් අනතුරුව ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙළ සඳහා ඇය සුදුසුකම් ලැබුවාය. කෙසේ වෙතත් කොවිඞ් හේතුවෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල 2021 ට කල් නොයන්නට මැටිල්ඩාට ඔලිම්පික් යන්න ලැබෙන්නේ නැත. මන්ද ඒ වසරේදී ඔලිම්පික් පැවැත්වූවා නම් මැටිල්ඩා එම නිර්දේශ කළ නාම ලේඛනයෙන් ඉවත් කළ කී‍්‍රඩිකාවක් වීමය. දැන් නැවත ඇය ජීවය ලබා ඇත. ඒ ජීවයෙන් සිය චොපින් නම් යුරෝ ලක්‍ෂ හයක් ශී‍්‍ර ලංකාවේ මුදලින් 152750000ක්, එනම් රුපියල් කෝටි 15කට වඩා වටිනා අශ්වයා මතින් ඇය ශී‍්‍ර ලංකා ධජය ඔලිම්පික් උළෙලේ බබළවන්නට සමත් වේද? වසර 1912 දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ පැවැති ඔලිම්පික් උළෙල සඳහා පළමු වරට ඇතුළත් වූ තුරඟ හරඹ – බාධක පැන්නීමේ කී‍්‍රඩාවට එහි ඇති ඉතිහාසය වසර සියය ඉක්මවයි. එහෙත් මේ කාලය පුරාවටම ශී‍්‍ර ලංකාවෙන් මෙම ඉසව්ව සඳහා කිසිම නියෝජනයක් ඔලිම්පික් උළෙලේ සිදුවී නොමැත. එසේම සත්ත්වයකු ආශ‍්‍රයෙන් ඔලිම්පික් උළෙලේ පැවැත්වෙන එකම කී‍්‍රඩා ඉසව්වද මෙය වේ.

එසේම ඔලිම්පික් උළෙලේදී අසුන් පිට නැග ශිල්ප දැක්වීම තුන් ආකාරය. එය අශ්වයාගේ ඩෙ‍්‍රෂාස් පරීක්‍ෂාව (පුහුණුව පරීක්‍ෂාව), බාධක පැනීම සහ දැරීමේ හැකියාව පරීක්‍ෂාව නම් වේ. මැටිල්ඩා සහභාගි වන්නේ මින් බාධක පැනීමේ තරගයට වේ. මේ කී‍්‍රඩාව 19 වැනි සියවසේ සිට පැවත එන්නකි. ඒ සඳහා නියමිත ඇඳුමෙන් සැරසී සිටිය යුතු අතර පොලිස් හෝ හමුදා නිලධාරීන්ට තම නිල ඇඳුම ඇඳීමට ද අවසර ඇත. මැටිල්ඩා කාල්සන් මේ කී‍්‍රඩාවේදී ශී‍්‍ර ලංකාවට ලබාදුන් තැන අපේ රටේ නම ලෝකය ඉදිරියට ගෙනයන තවත් අවස්ථාවකි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *