LATEST NEWS
Search

ඊයේ ආසාදිතයින් 1716 වාර්තා වූ ප්‍රදේශ – යාපනය කොඩිකාමම් වැසේ

30

අද (02) උදෑසන වන විට මෙරට කොවිඩ් 19 ආසාදිතයින් 1716ක් දෙනෙක් හඳුනාගෙන තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.

එම ආසාදිතයින් අතරින් පුද්ගලයින් 17 දෙනෙක් විදේශගතව සිට මෙරට පැමිණි අය වන අතර ඉතිරි 1699 දේශීයව හඳුනාගත් ආසාදිතයින් වනවා.

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ආසාදිතයින් ගණන 375ක් වනවා.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 247ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 158 දෙනෙක් වාර්තා වනවා.

අනෙක් ආසාදිතයින් 919 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා.

තවද අද (02) උදෑසන වන විට මෙරට කොවිඩ් 19 ආසාදනය වූ සම්පුර්ණ ආසාදිතයින් ගණන 109,861 ලෙසයි වාර්තා වන්නේ.

මේ අතර 

යාපනයේ කොඩිකාමම් වෙළද සංකිර්ණයෙන් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 11 ක් දක්වා වර්ධනය වීමත් සමගම යාපනය කොඩිකාමම් නගරයේ සියලුම වෙළදසැල් ඊයේ (01) දින සිට වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

හමු වූ රෝගීන් එකොළොස් දෙනා කෝපායි ප්‍රදේශයේ කොරෝනා මර්දන රෝහලක් වෙත යොමු කොට ඇති අතර කොඩිගාමම් වෙළදසැල් සංකීරණයේ වෙළෙන්දන් හා සේවකයින් වහාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත පැමිණ පී.සී.ආර්.පරීක්ෂණවලට යොමු වන ලෙස යාපනයේ සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *