LATEST NEWS
Search

උසස්පෙළ ප්‍රතිපල ප්‍රමාදය ගැන අන්තරේ කියන දේ (video)

26

2020 වර්ෂයේ අ.පො.ස උසස්පෙළ සඳහා පෙනී සිටි සිසුන්ගේ විභාග ප්‍රථිපල මාස ගණනාවකින් ප්‍රමාද වීම මත සිසුන් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (30) මාධ්‍ය හමුවක් කැඳවන ලදී.

2020 අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබු උසස්පෙළ විභාගය පවතින තත්වය මත පවත්වන ලද්දේ 2020 ඔක්තෝබර් මාසයේදීය. විභාගය පවත්වා මේ වන විට මාස 06ක් ගත වන අතර තවමත් ප්‍රථිපල නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු වගකිවයුත්තන් අපොහොසත් වී ඇත. මේ හේතුවෙන් 2020 උසස්පෙළ සිසුන් විශාල පීඩාකාරී තත්වයකට පත් වී ඇත. 2021 වර්ෂයේද උසස් පෙළ විභාගයට දින නියම වී ඇති තත්වයක් තුළ මාධ්‍ය ඉදිරිපිට ප්‍රකාශ කිරීම හැර ප්‍රථිපල නිකුත් කිරීමට බලධාරීන්ට සැලසුමක් තිබෙන බවක් පෙනෙන්නටද නැත.

https://www.facebook.com/watch/?v=175599634433823




Leave a Reply

Your email address will not be published. Required fields are marked *