LATEST NEWS
Search

ජාතික වෙසක් උළෙල පැවැත්වීමේ වෙනසක් නැති බව යාපනය දිසාපති කියයි

32

මෙවර යාපනය නාගදීපයේ පැවැත්වෙන ජාතික වෙසක් උත්සවය ඉතා අඩු බැතිමතුන් පිරිසකගේ හා දැඩි සෞඛ්‍ය නිර්දේශයන් මත පැවැත්වීමට තීරණය කළ බව යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් මහතා පවසනවා.

දිසාපතිවරයා පැවසුවේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මේ තීරණය ගත් බවයි.

මැයි 23 සිට 28 දක්වා යාපනයේ නාගදීපයේ පැවැත්වීමට නියමිත ජාතික වෙසක් උත්සවය ඉතාම සාමකාමීව හා චාම්ව පැවැත්වීමටද මෙහිදී තීරණය කළ බවත් සිදු කළ යුතු සංවර්ධන කටයුතු,පහසුකම් සැපයීම ,ප්‍රවාහන කටයුතු වැනි දේ එක් එක් පාර්ශ්වයන්ට මේ සාකච්ඡාවේදී භාරදුන් බවත් යාපනය දිසාපතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *