LATEST NEWS
Search

නිරෝධායන නීති කැඩූ පුද්ගලයන් 187ක් අත්අඩංගුවට

28

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 187 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔවුන්ගෙන් වැඩිම පිරිසක් ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර බස්නාහිර පළාතට ඇතුලු වන සහ පිටවන ස්ථාන 12ක සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී නිරෝධායන නීති උල්ලංඝනය කළ රථවාහනවල ගමන් ගත් පුද්ගලයන් 250 දෙනෙකුට අවවාද කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *